14 May 2024

බෙහෙත්වල මිල අඩු කළේ නැතිනම් වැඩ වරදි – ඇමැති රාජිත

පිළිකා ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 25 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලට ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය එකග නොවුනත්, ඉදිරියේ දී එම ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ කතාවලට පිළිතුරු ලබා දීමට තමාට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

2017 දී මැණික් හා ස්වර්ණාභරන අපනයනය ඉහළට

2016 වසර සමග සංසන්දනය කරන විට 2017 වසරේදී මැණික් හා ස්වර්ණාභරන අපනයනය සියයට 5.3 කින් ඉහළ ගොස් තිබෙන බවත්, එහි සමස්ත අගය ඩොලර් මිලියන 178 ක් හෙවත් රුපියල් මිලියන 28,400 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව ජනාධිපති පවසයි. ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සියලු ජාතින් සමග මිත‍්‍රත්වය පවත්වා ගැනීම බවත්, යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයට පළුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින්ගේ වගකීම බවත් ජනාධිපතිවරයා පැවසිය.

දුෂණයට පිටුපාන දේශපාලන චරිතවලටයි අද ජනතාව කැමැති – ජනපති

දූෂණය පිටුදකින, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ මේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු වූ අභාවප‍්‍රාප්ත අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමින්.

මහින්දට යළි ජනපති වෙන්න බෑ – මහින්ද කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවතත් මේ රටේ ජනාධිපතිධුරයට පත්වීමට ඉඩක් නොමැති බවත් ලග ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට ඇමැති අකිල පෙරමුණ ගනී

බෞද්ධ දස සීලමාතාවන් සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබීමට කැමති කාන්තාවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන නිත්‍යානුකූලව ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.

අගුනකොළ පැලැස්සේ තවත් වැව් හතරක් ප්‍රතිසංවර්ධනය කෙරේ

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” – කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ එන ප්‍රධාන ව්‍යාපෘතිය වන “වැව් දහසක්- ගම් දහසක්” වැඩසටහන අනුව අගුනකොළපැලැස්ස ප්‍රදේශයේ අභාවයට යමින් තිබෙන තවත් වැව් හතරක් අද දින (11) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවර්ධනය කෙරේ.

සුර්යා වටා ඇති වායු ගෝලයේ රහස් සොයයි

සූර්යයාගේ වායුගෝලය තුළ ඇති තාරකාවක් ගවේෂණය කිරීමේ පලමු මෙහෙයුම නාසා ආයතනය මගින් සිදු කර තිබේ. නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ප්‍රොරිඩා එක්සත් ජනපදයේ සිට මෙය ගුවන් ගත කිරීමට කටයුතු කරන බවයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වලින් මිල වෙනසක් නෑ

ඉන්ධන මිල සුත්‍රය යටතේ කරන ලද කරන ලද මිල සමාලෝචන යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත බව මුදල් අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක් 145 ලෙසද ඔටෝ ඩීසල් ලිටරයක් 118 ලෙසද තවදුරටත් අලෙවි කරනු ලැබේ.