15 May 2024

රටට ගැලපෙන කෙනෙක් තමයි අපි දාන්නේ – ඇමැති කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, කන්ද උඩරට උරුමයන් සංවර්ධන මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අපි මහන්සි වුණේ ජයගන්න… කවුරුවත් අයින් වෙන්නේ නෑ – අගමැති

පසුගිය කාලය පුරාම තම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා යොමු කරවමින් පුළුල් දේශපාලන සංධානයක් ගොඩ නැගීම සඳහා බවත් මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට බවත් එම ගමනේදී තමා හෝ අනෙකුත් නායකයින් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කිර්ති , මෛත්‍රි පුටු මාරු වු – ආණ්ඩුකාරවරු 3 ක් දිවුරුම් දෙයි

පළාත් තුනක් සඳහා ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.  ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිව්රුම් දෙනු ලැබීය.

සන්ධානයක් නැතිව එජාපයට තනියෙන් දිනන්න බෑ – ඇමැති අර්ජුන

ඉදිරි ජනාධිපතිරවරණයට තනි පක්ෂයක් ලෙසට ඉදිරිපත් වී ජයග්‍ර‍හණය කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂය සිතන්නේ නම් එය ලොකු මුලාවක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව සන්ධානය පිහිටුවීම පිළිබද පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් […]

ගොවි ජනතාවට අතිවිශාල වන්දි මුදලක් දුන්නේ වත්මන් ආණ්ඩුව බව ජනපති කියයි

ගොවි ජනතාවට මුහුණදීමට සිදුවූ ස්වභාවික විපත්වලදී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප‍්‍රදානය වෙනුවෙන් අද (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.

අපේ කෙනා එලියට දාන්නේ ඡන්දේට දින නියම වුණාට පස්සේ – ඇමැති රවි

අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වන්නේ ඉතාමත් චාම්, සරල අන්දමින් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අප ඉදිරිපත් කරන්න සූදානම් බව හෙතෙම පැවසිය.

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවුසවේ සුගතදාස ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරිමේ සඳහා පැමිණි අවස්ථාවේදිය.

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවුසවේ සුගතදාස ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරිමේ සඳහා පැමිණි අවස්ථාවේදිය.

රාජ්‍ය සේවයට එන්න කට්ටිය පොරකනවා – ඇමැති තලතා

රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා, හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.