20 May 2024

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට

පාසල් පද්ධතිය සක්‍රීයව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරකම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගින් බව අධ්‍යාපනය අමාත්‍යංශය පවසයි.

රට ඉස්සරහට යන්නනම් සන්ධාන ගත වෙන්න ඕන – අගමැති

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට නම් අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර යල කන්නයේ වී සඳහා වැඩි මිලක් දෙන්න රජය සූදානම්- ඇමැති වජිර

යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

කෝප් කමිටු කටයුතු හෙට සිට මාධ්‍යයට විවෘතයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.

බය වෙන්න එපා.. ගෝඨ ගැන මට විශ්වාසයි ….. – බැසිල් කියයි

ලබන 11 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිත පොදු ජන පෙරමුණයේ සමුළුවේදී පක්ෂ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හට ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

පසුගිය රජය කාලයේදී ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) දින නියම කළේය.

ජනපති කාම්බෝජියාවේ නිල සංචාරයකට එක්වෙයි

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට අද (07) එක් වුයේ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනය ක් පරිදි ය.

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

ලබන 11 වනදා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අයෙකු සහභාගී නොවන බව හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකු වන නුවර එළිය ලබුකැලේ වතුයායේ පදිංචි රාජකුමාර් මහතා සහ නුවරඑළිය වැලිඔය වතුයායේ පදිංචි සම්මුගේශ්වරන් මහතා හට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් නිවාස 02 ක් ලබා දීමට අදාළව ලිපි ලබා දීම ඊයේ 06) ලබා දී ඇත්තේ කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශයේදීය.

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය එල්.එන්.ජී. සහ ගල් අගුරු වෙත යොමුවී තිබිම රුසියාවේ ද යම් පෙළඹවීමක් ඇති කිරීම දෙරටටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වනු ඇති බව විශ්වාස කරන බව රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා පවසයි.