16 May 2024

දිස්ත්‍රික්ක 4ක ඇඳිරි නීතිය මැයි 4දක්වා – ID අංක අනුව එලියට යන්නේ මෙහෙමයි

කොළඹ, ගම්පහ, කලුතර, සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 4 වන සඳුදා අලුයම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

වෛද්‍ය නිර්දේශ මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විවෘතයි

කොවිඩ් භීතිය පැතිරීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස වසා දැමුණු  මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය එළැඹෙන සඳුදා (27) සිට  යළි විවෘත බව වාර්තා වෙයි.

මරදානේ සිදුවීම – මවගෙන් දරුවාට කොවිඩ් හැදෙනවාද තවම තහවුරු නෑ – අනිල් ජාසිංහ

මවගෙන් දරුවාට කොවිඩ්-19 ආසාදනය වන බව මේ දක්වා තහවුරු වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් කඩලා : දඹුල්ලේ 50ක් ඇතුලේ

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳාම්  කටයුතුවල නිරත වූ පුද්ගලයින් 50 කු  අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 දා තෙක් දිර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය තාවකාලික ගුවන් ගමන් තහනම එළැඹෙන මැයි 15 දා තෙක් දීර්ඝ කිරීමට එම සමාගම තීරණය කර තිබේ. කොවිඩ් 19 හේතුවෙන් ලෝකය පුරා පවතින ගුවන් ගමන් තහනම් හේතුවෙන් ශ්‍රී ලන්කන ගුවන් සමාගමද මෙම තීරණය ගෙන තිබේ.

එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම් 

එළවළු හා පළතුරු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු රැසකට විසඳුම් දිය හැකි තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම සූර්ය බලශක්ති ශීත ගබඩාවක් නිර්මාණය කිරීමට ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම කටයුතු කර තිබේ.

ඉදිරි දින දෙක – රටටම ඇඳිරි නීතිය

අද (24) රාත්‍රී 8.00 සිට එළඹෙන 27 වනදා සදුදා උදාසන 05.00 දක්වා සමස්ථ දිවයිනට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇත. බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇතුලු අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට අනෙක් ප්‍රදේශවල පසුගිය 20 වනදා සිට ඇඳිරී නීතිය ක්‍රියාත්මක වුයේ රාත්‍රී 08.00 සිට උදාසන 05.00 දක්වා පමණි. ඒ අනුව […]

ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ උත්සහා කරමින් සිටින අවස්ථාවකදී, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුවේ, ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීම සඳහා ද ඊට සමාන්තරව උත්සාහ දරනු ලබන බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.