20 May 2024

මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඉදිරි මහ කන්නයට පෙර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නයට පෙර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Dialog TV සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට Norsat වෙතින් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක්

ලොව වෘත්තීය සන්නිවේදන තාක්ෂණයන් හා විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන Hytera, ශ්‍රී ලංකාවේ අංක එකේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව වන Dialog TV වෙනුවෙන් උපස්ථ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් (Backup satellite station) ස්ථාපිත කර ඇත.

මෙම වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සහන ණය අහෝසි කිරීමේ ආණ්ඩුවේ සුදානමක් – විපක්ෂනායක සජිත්

අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කලා මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන් සහන ණය අහෝසි කිරීමටට සූදානමක් පවතින බව විපක්ෂ නායකවරයා පවසයි.

රනිල් කොළඹ මැදපන්තියේ ජනතාව එක්ක තරහායි – අනුර කියයි

ඔහු ජනාධිපති වූ දිනයේ සිට කොළඹ මැද පන්තියේ ජනතාව සමඟ කෝපයෙන් මෙන්ම වෛරයෙන් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මෙරට සිසුන්ගේ නිපුණතාවයට සුවිශේෂි ස්ථානයක් – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අන්තවාදි දේශපාලන පක්ෂ රට විනාශ කළා – වැඩබලන වනජිවි ඇමති රෝහණ කියයි

මේ රටේ අන්තවාදි දේශපාලන පක්ෂ නිසා පසුගිය කාලයේ ‍රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවි ගිය බවත් නැවත මේ පිරිස්ම උත්සහ දරන්නේ එවැනි තත්වයක් රට තුළ නිර්මාණය කිරිමට බව වැඩබලන වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සහ ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ – ඇමැති ප්‍රසන්න

කටාන ගුවන් නගරයක් ලෙස ඉදිරි දස වසර තුළ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වගකීම් විරහිතව කටයුතු කළහොත් හැමෝටම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදු වේවි – නීතිඥ සුනිල් වටගල

මැතිවරණය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළහොත් පාස්කු ප්‍රහාර නඩුවේදී මෙන් දේශපාලන අධිකාරියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදුවෙන බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.