19 May 2024

බොරු සමාජ ගත කරන්නන් අත්අඩංගුවට ගන්නැයි ඇමැති ටිරාන්ගෙන් නියෝගයක්

ජනාධිපති ඝාතන තැතැක් ඇතැයි සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් මේ වනවිට සමාජ ජාලාවල පලවී ඇති අතර එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇත.

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ – රජය

ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දරණ උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආණ්ඩුවේ ‘අස්වැසුමත්’ ඇස්වැසුමක් වෙලා – විපක්ෂනායක සජිත්

රජය පටන් ගත් අස්වැසුම වැඩසටහන ගැන පාර්ලිමේන්තුවේ දිර්ඝ විවාදයක් කළ බවත් ජනතාව පවා එම වැඩසටහන හොද එකක් කියා රැවටුනත් එහි වැරදි අඩුපාඩු රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

IMF ඇතුළු ලෝක බලවතුන් ශ්‍රී ලංකාවේ සහායට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටළුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි – විශේෂඥ වෛද්‍ය ආනන්ද

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වැසිකිලියත් ආණ්ඩුවෙන් හදලා දෙනකම් බලන් ඉන්න මිනිස්සු අපිට ඉන්නේ – මන්ත්‍රී දුමින්ද

සමහර මිනිස්සු තමන්ගේ දරුවෝ කැලේට යවලා, එහෙම නැත්නම් වෙන ගෙදරකට යවලා, ආණ්ඩුවෙන් වැසිකිලි පෝච්චියක් දෙනකල් බලන් ඉන්නවා තමන්ගේ වැසිකිලිය හදා ගන්න බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරනවා – ඇමැති ප්‍රසන්න

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පොසොන් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

සුවහසක් බැතිමතුන් හට සත්කාර සහ පහසුකම් ලබාදීමේ අරමුණින් මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොසොන් පෝය නිමිති කර ගනිමින් අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය.

අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පළදායී ලෙස යොදවා නෑ – කෝපා කමිටුව

2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස්පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදීගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය වී ඇත.