18 May 2024

එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් තම දරුවන් තම දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බව එම පෙරපාසලේ දරුවන්ගේ දෙමාපියන් පවසති.

’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමේ

’45 Under 45′ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කෙරිණ.

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

මැතිවරණයක් කල් දැමීම , නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති 18 වනදා ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනදා

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඇමැති ශෙහාන්ට මරණ තර්ජන…

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී ඇති තිබේ.