17 May 2024

වංචා කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහල ගොස් ඇති බැවින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.

සතොස මලුවල තිබු හොරොයින් ගැන පැහැදිලි කිරීමක්

සතොස ආයතනයේ මලුවල තිබූබව කියන හෙරොයින් වලට ආයතනයේ සම්බන්ධයක් නෑ, අවස්ථාවාදී ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ලංකා සතොස ජ්‍යේෂ්ඨ විධායක නිළධාරී ඒ.එච්.එම්. ෆරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සතොස ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදිය.

සුසිල් දේශපාලනයෙන් සමු ගනි

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා දේශපාලන ජිවිතයෙන් හෙට (19) දිනයේදී සමු ගන්නා බව වාර්තා වේ. ඉතා විශ්වාසානීය ආරංචි මාර්ග කියා සිටියේ ඒ මහතා පවතිව දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කලකිරිම් ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන

මත්තල ගුවන්තොටුපල සදහා ආයෝජන ගිවිසුම් සකස් කිරීමේ දී ජාතික අභිලාශයන් පෙරදැරිව, විනිවිද භාවයකින් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ ද, රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

රනිල් වැව් විකුණන බව ජානිපෙ කියයි

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඇතුළු ජාතික සම්පත් විකුණා දමන අතරේ මෙරට කෘෂිකර්මාන්තය හා වාපී ශිෂ්ටාචාරය වනසා දමමින් පැරණි රජවරු තැනූ වැව් සියල්ල ද වෙන්දේසි කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග අපනයනය වැඩි කිරීම සඳහා අපනයනකරුවන්ට උපරිම සහන ලබා දීමට රජය කටයුතු කරන බව අපනයනකරුවන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුට්ටිය දාලා බලන්න ඕන

ෆැසිස්ට්වාදය කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා මුට්ටියදාලා බලන කාලයක බව ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.  ආචාර්යවරිය මේ බව පැවසුවේ පසුගියදා ජාතික විද්වත් කතිකාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින්.

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

වත්මන් ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර ඇති බවත් ඉතිරි කාලය තුළදී පොරොන්දු වු ඉදිරි කටයුතු සිදු කිරිමට බල කර යුුතු බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ලස්සනයි ලොකුයි

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සනයි, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.