18 May 2024

ලස්සනයි ලොකුයි

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සනයි, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැති බවත් එම පක්ෂය හදනකොටම තමා පැවසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමතමින්.

2‍015 ලැබුණු චෙක් ගැන හොයනවා

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලිස්ට් එකේ මුළින්ම ඉන්නේ කාන්තාවක්

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වී සිටින අයගේ ලැයිස්තුව බැලු විට කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව හෝ නැතිව 2020 දී නැවත වතාවක් ජනාධිපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වාඩි කරවන්නට කටයුතු කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එළිය සසංවිධානය විසින් හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

2025 දී කාර්මික විප්ලවිය වෙනසක්

2025 වන විට අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භායානක පාවාදීමක්

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇති බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

ඉදිරියේදි ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත්කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ජාතික කතිකාව අමතමින්.

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින්.