19 May 2024

මහින්දට උත්තර දෙන්නම වෙනවා

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරනු ලැබුවා.

අවුරුද්දකින් ගැටුම් ඉවර කරනවා

ඉදිරි වසරක කාලය තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමින්.

විජයකලා රනිල්ගේද? ප්‍රභාගේද?

විජයකලා මහේෂ්වරන් රට බෙදන, මීනිමරු, නීති විරෝධි කොටි සංවිධානයේ පාලනය හොද යැයි පසුගිය සතියේ දිනක ප්‍රකාශ කරා මෙන් , නැවත වරක් තමන්ගේ නායකයා ප්‍රභාකරන් බව ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා ඉදිරියේදී ඇයගේ නායකයා රනිල් ද ප්‍රභාකරන් ද යන්න තීරණය එතුමිය ළගදීම ගන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්

අපේ රටට වාර්ෂිකව පලතුරු මෙට්‍රික් ටොන් 54,000ක් ආනයනය කරන අතර අපේ සමස්ත වාර්ෂික නිෂ්පාදනය පලතුරු මෙ.ටො. 11,200 ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කට්ටිය හත් පොළේ ගාගෙන

සම්මත වු විගණන පනත විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ස්වාභාවික ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී.

මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ

නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති බවත් මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

රටට ඕන හොරකම් කරන්නේ නැති කෙනෙක්

උතුරට ප්‍රභාකරන් කෙනෙක්වත් – දකුණට හිට්ලර් කෙනෙක්වත් හරියන්නේ නැති බවත් රටට අවශ්‍යය කරන්නේ රටට ආදරය කරන, හොරකම් කරන්නේ නැති මනුස්සකම තියෙන ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන පුද්ගලයෙක් බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි

ඛනිජ තෙල් සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගන්නා සාමුහික තීරණයට කැමැත්ත පල කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක …..!

මාධ්‍යවාරණය යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.