15 May 2024

හරි දේ ලියන මාධ්‍යවේදීන්ට මංගලගෙන් සප් එක්ක …..!

මාධ්‍යවාරණය යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අඩු වැඩි වුණේ මිල සුත්‍රය නිසායි

ඉන්දන මිල සුත්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

රනිල් සිංගප්පුරුවට

සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

හන්දියේ බෝඩ් එල්ලන් ඉන්නේ නැතිව – ළමයි හදන්න

දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

අපි පඹයෝද? අපිටත් ආතතියක් තියෙනවා

හිටපු ඇමැතිනි විජයකාලා මහේෂ්වරම් මහත්මිය විසින් පසුගියදා එල් ටී ටී ඊ ය ගෙන ආ යුතු බව කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

ප්‍රශ්ණයක් නම් උසාවි යන්න

දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.