17 May 2024

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රධානීයා වශයෙන් පත්වීම දකින්න අපේ දෑස් පිං කිරීමට අවශ්‍ය බව රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

යුධහමුදාපති වැඩට බසි

රටක් ලෙස ලෝකය ජයගැනීමට තිබෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය ගැනීමට තමා සතු දැනුම හා පරිපාලනමය ශක්තිය යොදන බව යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි – විගණන පනත අද විවාදයට

නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රට බෙදුම්වාදයේ සැණකෙළි බිමක් වෙලා

වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

විජයකලාගේ අමාරුව වෙන එකක්

කොටි ත‍්‍රස්තවාදීන්ට දරුවන් ලෙස සලකන මේ ආණ්ඩුවේ මන්තී‍්‍රවරියක ‘එල්ටීටීඊය යළි ගොඩන`ගන්න ඕනෙ‘ බව කීම හිතේ අමාරුවට කළ එකක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

උඩගෙඩි දෙන අයට උපරිම දඩුවම් දෙන්න

උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධ ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

පාරවල් හරියට නඩත්තු වෙන්නේ නෑ – ජිවිත බිල්ලට

රට පුරා සිදුවන අවිධිමත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව හේතුවෙන් රටේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.

මහින්දට ප්‍රශ්ණයක් තියෙනවානම් අපෙන් අහන්න – nytimes

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත අද (03) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඇන්ජිම හදන්න ඕන – මංගල කියයි

ව්‍යසායකත්වය රට දියුණු කිරීමේ ඇන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.