20 May 2024

තීරණාත්මකයි !… මොන අමාරුකම් තිබ්බත් ජනතාව අමතක කරන්නේ නෑ …- ඇමැති කිරිඇල්ල

ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මක බවත් මොන ආර්ථීක අමාරුකම් තිබුණත් රජය රටේ සාමාන්‍ය ජනතාව අමතක නොකරන බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව වැඩපිළිවෙලට නෝර්වේ රාජ්‍යයෙන් පුර්ණ සහාය

සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) මහත්මිය පැවසුවාය.

අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය කියයි

විදේශ ගතව සිටින අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ එම විදේශ ගතව සිටින අපරාධකරුවන් නඒ රටවල සිගමන් යැදීම හෝ ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයේ පවතින නඩු විභාග වලට පෙනී සිටිම ඔවුන්ට ඉතිරිව ඇති මාර්ග දෙක බවයි.

OSL Magazine හි  ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි පත් කෙරේ

OSL Magazine හි ජාත්‍යන්තර ආයෝජන අධ්‍යක්ෂ ලෙස එම්.එච්.මොහොමඩ් නිසායි මහතා අද (04) දින පත් කර ඇත.   එම්.එච්.මොහොමඩ් නිසායි මහතා වසර කිහිපයක කාලයක් ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරනු තිබේ.

මේ සිංගප්පුරු ගිවිසුම අපිට වාසි එකක් නෙමෙයි – ආචාර්ය අනිල් කියයි

නිදහස් වෙළඳ ගිවිසුමක් නම් එයින් දෙපාර්ශවයටම වාසියක් අත්පත් විය යුතු නමුත් මේ දිනවල කතාබහ වෙන සිංගප්පූරු ගිවිසුම අපිට වාසි එකක් නොවන බව ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ – මුදල් අමාත්‍යංශය

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රිකුණාමලයේදී

ජාතික ව්‍යවසායික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් දකුණු ආසියාවේ පළමුවරට පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපය ප්‍රධානතම ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදන වැඩ සටහන් සමුළුව ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එකී වැඩසටහන අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඉතා වැදගත් අවස්ථාවක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

අල්ලසට දූෂණයට වැට බදින්න පෙරට එන ජනාධිපතිවරයා ජනතාවට ආරාධනා කළද ජනතාව විසින් හෙළිදරව්කරන ලද වංචා දූෂණ පිළිබදව නිසි පියවර ගැනීමට ජනාධිපති පෙරට නොපැමිණිම විශාල ගැටලුවක් බව පාරිභොගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

පාඨකයාගේ රුචිකත්වය කුමක්ද යන්න ජනමාධ්‍යවේදියා වටහා ගත්තත්, ඔහුට සැමවිටම මාධ්‍ය ආයතනයේ රාමුව තුළ කොටුවීමට සිදුවීමට සිදුවන නමුත් මාධ්‍යවේදියා සෑම විටම කටයුතු කළ යුත්තේ සමාජ ආරක්ෂකයෙක් වශයෙන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.