20 May 2024

ණය ගෙවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කරයි

2019 වසරේදී ඇරඹෙන මුදල් වසර තුළ ශ්‍රී ලංකා රජයට එහි ණය සේවාකරණය කිරීමට නොහැකිවනු ඇති බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පසුගිය දිනවල වාර්තා කර ඇති බවත් නමුත් 2019 වසරේදී කල්පිරෙන ඇ.ඩො 1500. ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළත්ව සියලු ණය ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට මෙම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමග […]

තේරීම් කාරක සභාවට ඇතුලත් නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කෙරේ

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය එස් බී දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහ අමාත්‍ය උදය ගම්මන්පිල යන 7 දෙනෙකුගේ නම් ඊට ඇතුළත් වේ. එම නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇත.

unp jvp පක්ෂ දෙකම ඡන්දවලට බයයි – සනත් නිශාන්ත කියයි

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවලට බය වී ඇති බවත් ඔවුන්ව ඡන්දවලට ගෙන යන්නට සිදුව ඇත්තේ පිස්සු බල්ලන්ව නාවන විදිහට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – ගිය වසන්තත් වාඩි වෙයි

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙන අතර සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබේ.

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සැකසීමට උපදෙස්

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. අප රටේ වගා කෙරෙන පලතුරු එළවළු මෙන්ම ධාන්‍ය වර්ග වලින් වාර්ෂිකව ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය පිළිබඳව මෙතෙක් නිවරදිව පුරෝකථනය කළ හැකි  තොරතුරු පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

අගවිනිසුරුට ලිපියක් යොමු නොකල බව කථානායක කියයි

ගරු අගවිනිසුරුතුමන් අමතා යොමු කරන ලද බවට සඳහන් වන 2018.11.20 දිනය සඳහන් යුත් ලිපියක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව අපගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

මහින්ද ආවා කියලා ඩොලරය ඉහල යන එක නවත්වන්න බෑ – බන්දුල කියයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වුණා කියලා සතියෙන් ඩොලරය ඉහළ යාම නවත්වන්න බැරි බව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ ඩොලරය ඉහළ යාම වැනි කාරණා දේශපාලනඥයින්ට අතින් අල්ලලා නවත්වන්න පුළුවන් දේවල් නොවන බවයි.

2019 අයවැය ඉදිරිපත් කරන්න සුදානම් – මංගල කියයි

විදෙස් ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මංගල සමරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් කියා සිටියේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති බවයි.

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 තරගයේ Best Personality සහ best congeniality සාර්ථකව නිමා වෙයි

පී.ඩී. එන්ටර්ටේන්මන්ට් විසින් ඉදිරිපත් කරන ලබන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරඟ පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(20) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්දයෙන් හා ඉදිරියේදී ගත යුතු පියවරවල් පිළිබඳ සාකච්ඡාවක් මෙහිදී පැවැත්වෙන බව වාර්තා වේ.