20 May 2024

ඇඳිරි නීතිය ඉවත් කරයි

දිවයින පුරා ක්‍රියාත්මක පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00 ඉවත් කළ බව බව මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. දිවයින පුරා දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් දීමෙන් අනතුරුව ඇඳිරි නීතිය පැනවිය.

මිය ගිය අහිංසක ජීවිතවලින් දේශපාලන වාසි ගන්න එපා – ඇමති මංගල

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ඉතාමත්ම පිළිකුල් සහගත හෙළා දකින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට

රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි. මේ වන විට රට තුළ පිපිරිම් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.

සමාජ ජාල තාවකාලිකව අත්හිටුවයි

පවතින තත්ත්වය හේතු කොට ගෙන සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු මෙන්ම කටකතා පැතිර වීම වැළැක්වීම අරමුණ ඇතිව මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යානය ළග හෝටලයක පිපිරීමක් – දෙදෙනෙක් මරුට

දෙහිවල ප්‍රදේශයේ සත්වෝද්‍යානය අසල හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරිම් 6 යි – 138 ක් මිය යයි – තුවාලකරුවන් 400 වැඩියි

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා තිබේ.

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න – පොලිසිය නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

පිපිරීම් සිදුවූ ස්ථානය අවට නිරික්ෂණය සඳහා ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දීමක් කර සිටි. තුවාලකරුවන් ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කරමින් සිටින අතර, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් […]

සියළුම පාසල් හෙට අනිද්ද නිවාඩු – අධ්‍යාපන ඇමැති

හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. දිවයින පුරා ඇති වු පිපිරිම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

පිපිරිම් ගැන හොයන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා – ජනපති

අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් දැඩි ලෙස හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බවයි.

කලබල නොවන්න – සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

දිවයින පුරා අද (21) දින ඇති වු පිපිරිම් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ සහාය ලබා දෙන ලෙස රජය ඉල්ලා සිටි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අදාළ විමර්ශනවලට සහාය ලබා දෙන ලෙසයි.