20 May 2024

මෝදීට විශිෂ්ඨ ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ (BJP)භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. 

ත්‍රිවිධ හමුදාවේ සලාක හා අනෙකුත් දීමනා වැඩි කෙරේ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

ගෝඨාභයගේ නඩුව ජුනි 19 දින ආරම්භ වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු විභාගය ජූනි මස 19 වනදා සිට ආරම්භ කිරීමටත් එදිනට සාක්ෂිකරුවන් 4 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේදී දේශපාලන ගේම් එපා මන්ත්‍රී මනුෂ කියයි

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ තත්ත්වය නුපන් දරුවාටත් අනාගතයේදී ප්‍රශ්ණයක්- විපක්ෂනායක මහින්ද කියයි

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටින බවත් මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප්‍රශ්න ඇති කරන්නක් බව විපක්ෂ නායක මහින්ද රාජප ක්ෂ මහතා පවසයි.

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට පාර අවහිර කරන්න එපා – ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

රාජ්‍ය සේවකයින්ට රු.2500 ක මාසික දීමනාව සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ජවිපෙ තුට්ටු දෙකේ වැඩක් ගැන විමල් කියයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ – ඇමැතිනි තලතා

බෞද්ධාගම විනාශ කිරීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා කියලා චෝදනා කරනවා, එක්සත් ජාතික පක්ෂය බෞද්ධ ආගම ආරක්ෂා කළා ද නැද්ද කියන එක හැමෝම දන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.