20 May 2024

සහරාන් මිය ගිය බව ඔහුගේ දියණියගේ DNA පරික්ෂාවෙන් තහවුරු වු බව පොලිසිය පවසයි

මිය ගිය තව්හිද් ජමාත් නායක සහරාන්ගේ හා ඔහුගේ දියණියගේ DNA පරීක්ෂණ වාර්තා අද (21) රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බවත් එම DNA සැසදීමේදී තව්හිද් ජමාත් නායක සහරාන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනාධීපති අපේක්ෂකයා වේලාවට ඉදිරිපත් කරන්නම් – ඇමැති මලික්

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජවිපේ කථානායකට භාර දෙයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරු 10 කථානායක කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.

මේ ජනවරම ඉවර වෙනකන් ඉන්නවා – ජනපතිවරණයට නොවැම්බර් බව ඇමැති පාඨලි කියයි

ඊළඟට ජනාධිපති මැතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් එය ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සජිත් මංගල ගමනක් අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එජාපයේ නායකත්වය වෙනස් විය යුතු බවට එම පක්ෂයේ ප්‍රබලයින් පවසයි. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ මේ වන විට එජාපයේ දෙවන නායකයා වශයෙන් පිළිගෙන තිබෙන සජිත් ප්‍රේමදාස ඉදිරි මැතිවරණයේදී කැපී පෙනෙන චරිතයක් වනු ඇති බවයි.

ජනපති නිල කාලය දිගු කිරීමට විරෝධය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එය මේ අවස්ථාවේ කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ දකින බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

පාර්ලිමේන්තුවෙන් ආයාචනයක්

ජනාධිපති‍, අග්‍රාමාත්‍ය සහ ගරු විපක්ෂ නායකවරයා එක්ව රට යථාතත්වය පත්වෙමින් තිබෙන බවටත් කවර දේශපාලන අදහස් නියෝජනය කළද අප මාතෘභූමිය මුහුණ දෙන මෙවන් අර්බුදවලදී එක්සත්ව මුහුණදීමට සුදානම් බවටත් පාර්ලිමේන්තුව හරහා ප්‍රකාශ කරමින් ජනතාවට සහතික වන ලෙස කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි.

රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී

30 වසරක පැවැති එල්.ටී.ටී.කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ. එම උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී එය පැවැත්වීමට නියමිතයි.

අද නිදහස ලැබු සියළු දෙනාගේ අනාගතය ගොඩනැගීමට උදව් කරන බව ජනපති කියයි

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බවත් අද දින නිදහස ලබන සියලූදෙනාට තම අනාගතය ගොඩනගා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

එජාපයේ අර්බුධ උග්‍ර වෙයි … පිල් තුනකට කැඩෙයි …

රටේ පසුගිය දිනවල ඇති වු සිදුවීම් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්ණ කිහිපයක් හට ගෙන ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ පක්ෂය මේ වන විට පිල් තුනකට කැඩී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඇතැම් කණ්ඩායම් එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමේදී යම් තීරණයක් ගැනීමට කටයුතු කරනු ඇති.