16 May 2024

ජනපති මාධ්‍ය අංශයේ සුදත්ට ඉවත්වන්නැයි දැනුම් දීමක්

ජනාධිපති මාධ්‍ය අංශයේ වසර ගණනාවක් ඡායාරූප අංශයේ කටයුතු කල සුදත් සිල්වා හට එම ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ සමීපතයෙකු අප වෙත කියා සිටියේ ජනාධිපතිවරණ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහාය දක්වමින් කටයුතු කිරීම මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දීමට හේතුව බවයි.

අගමැති රනිල් ඉවත් වෙයි ……ඇමැති 15 දෙනෙකු යුත් භාරකාර ආණ්ඩුවක් ….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරයි. එම වාර්තා කියා සිටියේ හෙට දිනයේදී පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡාවක් පවත්වන අතර ඉන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවයි. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට දිනයේදී ජාතිය ඇමතිමක් සිදු කරන බව දේශපාලන වාර්තා වැඩිදුරටත් කියා […]

හිටපු අගමැති දි.මු ජයරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයක සිටම අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ද මෙලෙස මිය ගොස් තිබේ. මිය යන විට ඒ මහතා අනූ දෙවැනි වියෙහි පසුවිය.

Asoka TTVnews

රනිල් නිසායි පැරදුණේ.. ! එජාපයේ දෙදරීම යළි ආරම්භ වෙයි ..!

ජනාධිපතිවරණ ප්‍රතිඵල සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට පවතින්නේ නොසන්සුන් වාතාවරණයකි. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු මේ වන විට සිය අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුව පොදු ජන පෙරමුණ වෙත භාර දීමට කිසිදු එකඟතාවයකට නොපැමිණ ඇති බව දැනගන්නට ඇත.

ජනපති පත් කල නව තනතුරු ..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුවයි.

ජනපති ගෝඨාභය ධුරයේ වැඩ අරඹයි (Update)

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්, පි.බී.ඒකනායක මහතා පත් කළේය.

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක්

MCC ගිවිසුම ලෙස ප්‍රකට මිලෙනියම් චැලෙන්ජස් ගිවිසුම පිලිබද සමාජය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මහින්ද රාජපක්ශ රජයේ සිට වර්තමාන යහපාලන රජය දක්වාම අත්සන් තබන ලද විවිධ ගිවිසුම් හරහා මෙම ගිවිසුම දක්වා වූ මාවත නිර්මනය කෙරුණා. ලොව පුරාම MCC ගිවිසුම් විවිධ රජයන් සමග අත්සන් තබා තිබෙන අතර එම රාජ්‍යයන් එහි ප්‍රතිඵල භුක්ති විදිමින් සිටිනවා. පෙරටුගාමී […]

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි – හදුන්නෙත්ති

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් තමන්ගේ පවුලට නොවන බවත් සමාජයේ යහපත වෙනුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඕනෑම වේලාවක ඡන්දෙකට අපි සුදානම් – රන්ජන් කියයි

ජනමතයේ බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇති බවත් ඒ අනුව ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සුදානම් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

නව ආණ්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න – කෙහෙලිය කියයි

ජනමතය අනුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ අනුව ජනමතයට ගරු කර වත්මන් ආණ්ඩුව මැතිවරණයකට යාම සුදුසු බව හෙතෙම පැවසිය.