15 May 2024

ජපානයේ සාත්තු සේවක රැකියා 1,000 ක් – විදේශ රැකියා අමාත්‍ය මනුෂ

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN – Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ශ්‍රී ලංකාවේ කලා මාධ්‍ය විරෝධාකල්ප වලින් පිරිලා – මන්ත්‍රී විමලවීර

ගීත, ටෙලි නාට්‍ය, ප්‍රවෘත්ති තුළින් විරෝධාකල්පයක් ඈදා ගන්නා අතර හොරකම්, ප්‍රචණ්ඩක්‍රියා සිදු කරන ක්‍රම සහ දේශපාලන චරිත සියල්ලට වෛරය ක්‍රෝධය එල්ල කරමින් කලා මාධ්‍ය තුළින් මේ වන විට නිෂ්පාදන කටයුතු සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

මෙරට සේවා කාලය නිම කළ කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමු වෙති

සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට – ලෝක බැංකුවේ පැසසුම්

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි.

නව කැබිනට් ඇමැතිවරුන් අද නෑ .. !

නව කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බවට පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු අප වෙත පැවසිය.

රාජපක්ෂ මඩ ෆැක්ටරි වැඩට බැහැලා – විපක්ෂනායක සජිත්

අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතලේ වෙළද සංකිර්ණය රාජ්‍ය ඇමැති රෝහණගේ නිරික්ෂනයට

මාතලේ නගරයේ ඇති සුපිරි වෙළද සංකිර්ණයෙහි වෙළදසැල් හිමියන් මුහුණ දෙන ගැටලු සොයා බැලිම සදහා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඉකුත්දා නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ජනපති කුරුණෑගල රදගුරු හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා රාජගුරු ප්‍රසාදීන් වහන්සේ අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ සිදු විය.

ගජමුතු 07ක් සමග මාතලේ ස්ථාන දෙකකදි සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉදිරියේ දී දරුවන්ට විභාග බරෙන් නිදහස් අධ්‍යාපනයක් – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.