17 May 2024

ඛනිජතෙල් නිෂ්පාදන පනත් කෙටුම්පතට සංශෝධන සහිතව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතයි

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (04) සිදු කෙරිණි.

වසන්ත මුදලිගේලා කරපු රාජ්‍ය විරෝධී ක්‍රියාව මොකද්ද – විපක්ෂ නායක සජිත් අසයි

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇත්තේ ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටි.

උකුවෙල මත්ද්‍රව්‍ය වැඩසටහනක්

ඔක්තෝබර් මස පළමු දිනට යෙදුනු ලෝක ළමා දින සැමරුම නිමිති කර ගනිමින් උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද “මතින් තොර නිදහස් සෞභාග්‍යමත් දේශයක්” යන මැයෙන් යුත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මාතලේ ඕවිලිකන්ද විද්‍යාලයේදී පැවැත්විණී.

BOI ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් පසුගිය 03 වනදා අනුමැතිය හිමි නොවූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට ඊයේ ‍(04) පෙරවරුවේ රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධානයේ 25 වැනි සංවත්සරය සමරයි

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 25 වැනි සංවත්සරය සැමරීම නිමිති කොට ගත් වැඩසටහනක්, විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලක්ෂ්මන් කදිරගාමර් ආයතයේ දී ඊයේ (04) පැවැත්විණි.

කොළඹ නගර සභාවේ පුරහල භූමිය කෘෂී අස්වැනු නෙලයි

කාගිල්ස් ආයතනයේ දායකත්වය මත කොළඹ නගර සභාවේ පුරහල භූමිය තුළ සිදුකරනු ලැබූ ආදර්ශවත් කෘෂි බෝග වගා බිමේ මේ වන විට ඵලදාව ඉතා සාර්ථක අන්දමින් හටගෙන ඇති අතර, එම අස්වැන්නෙන් කොටසක් නෙලාගැනීම නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.

රට තුල වෘත්තිය කාන්තාරයක් ඇතිවිය හැකියි – මන්ත්‍රී පාඨලි

ගුරු වෘත්තිකයන් හා රටේ සෑම වෘත්තියකම දක්ෂ පිරිසක් විදේශගත වුවහොත් රට තුල වෘත්තිය කාන්තාරයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විපක්ෂය බොර දීයේ මාළු බානවා – මන්ත්‍රී ජගත්

රටක් විදිහට අර්බුද රාශියකට මුහුණ දිලා ඒ අර්බුදවලට සාධනීය විසඳුම් ලඟා කරගෙන රට යම් මට්ටමකට ගොඩගනිමින් තිබෙන වේලාවක විපක්ෂය කොයිවෙලාවෙත් බොරදියේ මාළු බෑම අත අරින්නේ නොමැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමට රජයට අභියෝගයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

  ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.