16 May 2024

අනුරාධපුර රෝහල තුළදී තරුණයකු ඝාතන සිද්ධියට අඹුසැමි යුවලක් අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට ඊට දින දෙකකට පෙර එම තරුණයාට පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.

වැඩකරන ජනතාවගේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි – හිටපු ජනපති මෛත්‍රිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ රටක් ලෝකයක් දිනාගත් යෝධ පක්ෂයක් බවත් වැඩකරන ජනතාවගේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා විය යුතුයි බව හිටපු ජනාධිපති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞධාරි අද (02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධිකයි – වෙසක් සැරසිලි අලෙවිකරුවන්

සව්කොළ හා වෙසක් පහන් කූඩූ සෑදීමට යොදා ගන්නා කම්බි මිළ ඉහළ යෑම හේතුවෙන් හා උණ බට හිඟ වීම හේතුවෙන් වෙසක් පහන් කූඩූ මිළද ඉහළ දැමූ බවත්, පසුගිය වසර වලට වඩා වෙසක් සැරසිලි වල අලෙවිය පහළ ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

රත්තොට ඩෙංගු වැඩසටහනක්

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්තිය හේතුවෙන් ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන් රැසක් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කිරීමට රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ දිනවලදි සිදු කෙරේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇත.

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොවෙයි – හිටපු ජනපති මහින්ද

  සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොව කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම මෙම වසර අවසන් වන විට – ජනපති

සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.