13 May 2024

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

තම ප‍්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශේෂ විදේශ සංචාර වැඩසටහනක් ක‍්‍රියාවට නැංවීමට OPPO සමාගම මෑතකදී කටයුතු කර ඇත. මේ යටතේ තෝරාගන්නා ලද 21 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට තායිලන්තයේ ,බැංකොක් සහ පතායා නගරවල සංචාරය කිරීමේ අවස්ථාව හිමි විය.

වැඩවර්ජනය කිසිදු සාධාරණක් නෑ -ඇමැති රාජිත

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (03 ) දින පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

එදා කතා කළ ජාත්‍යන්තර යුද අධිකරණය, එදා කතා කළ විදුලි පුටු, එදා කතා කළ විදේශීය විනිශ්චයකාරවරු ඒවා නැවැත්තුවේ වත්මන් ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මගේ නමට ආණ්ඩුව බයයි – මහින්ද කියයි

ගාල්ල ක්‍රිඩාංගණයට තමන්ගේ නම යෙදීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතු වු බවත් ආණ්ඩුව තමන්ගේ නමට පවා බය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින්.

කළු පෙට්ටිය සොයා ගැනේ

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයකදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් අනූහත් දෙනෙකු තුවාල ලැබූ බවත් එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

කරන වැඩ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙනවා අඩුයි

පාක්ෂිකයින් වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට මැතිවරණ වේදිකාවලදී විවිධ ප්‍රකාශ සිදු කළ ද මේ වන තෙක් තමා සමඟ ඒ පිළිබඳ කිසිදු කතාවක් නොමැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති

දූෂණයට, වංචාවට සහ නාස්තියට විරුද්ධ අයෙකු ලෙස වත්මන් සංවර්ධන වැඩපිළිවෙළේ දී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩ තබා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

2020 වන තුරු ආණ්ඩු බලයත් ජනාධිපතිවරයාත් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට භය කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.