14 May 2024

රට යන්න සතියකට ෆයිල් 15 කට අත්සන් කරනවා – ඇමැති මහින්ද

නිලධාරින් විදේශගතවීම් සඳහා වන ෆයිල් පහලොහකට පමණ සතියකට අත්සන් කරන බවත් නිලධාරින් විදේශගතවීම් සීමා කර එවැනි අවස්ථා ගොවීන්ට හා ඈත සේවය කරන හොඳ නිලධාරින්ට ලබා දෙන ලෙස තමා අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොහොට්ටුවෙන් ගෝඨානම් සහාය දෙනවා – මෛත්‍රී

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් සහාය ලබා දෙන බව මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අන් රාජපක්ෂවරුන් මෙන් නොවන බවත් රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු බවයි.

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ කරුණානිධි පනස් වසරකට අධික කාලයක් ද්‍රවිඩ කලහා මුන්නේත්‍රම් පක්ෂයේ නායකත්වය හෙබවු බවයි. ඒ චෙන්නායි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද පස්වරුවේ ඔහු මෙලෙස අභවප්‍රාප්ත විය.

කඩේ ගියාට විශ්‍රාම වැටුපවත් නෑ ….! – ඇමැති වජිර කියයි

සමෘද්ධි නිලධාරින් පසුගිය පාලනය වෙනුවෙන් වැඩ කළාට ගමේ භාෂාවෙන් කඩේ ගියාට ඔවුන්ට විශ්‍රාම වැටුපක්වත් නොමැති බවත් වත්මන් රජය එහි වගකීම ගෙන ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේරව්ධන මහතා පවසයි.

Avian Technologies සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගනී

මෙරට ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදක සමාගමක් වන Avian Technologies සමාගම Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. ආදායම් ජනනය සහ සහතිකකරණයන් හිමිකරගැනීම අතින් කැපීපෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කරන සමාගම් වෙත මෙම තත්ත්වය පිරිනැමේ.

රනිල් එක්ක ආයේ නෑ -ජනාධිපතිවරණයට සුදානම් වෙනවා…… !

එක්සත් ජාතික පාක්ෂිකයින්ට දේශපාලන වේදිකාවක් අවශ්‍ය බවත් අලුත් දේශපාලන සන්ධානයකින් තමන් ඉදිරි ගමන ආරම්භ කරන බව එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

බැසිල් නිසා පොහොට්ටුවට පාඩුයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය නොමැතිව පොදු ජන පෙරමුණට ඉදිරියට යා නොහැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටි. එම අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටින්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය නොමැති වුවහොත් ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව අඩු වන බවයි.

මහින්ද ජනපති කරන්න හදන්නේ ව්‍යවස්ථාව කියවන්න බැරි අයයි

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවන්න බැරි අය තමයි මහින්ද ජනපති කරන්න කතා කරන්නේ බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ttvnews.lK වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පවතින ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කල නොහැකි බවත් ඔහුව අගමැති තනතුරට පත් කිරීමට කටයුතු කළ හැකි බවයි.

එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් – යුරෝපා සංගමය

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ, රටවල් 28කින් යුත් සංවිධානය එම තීරණයට එළැඹ ඇත්තේ, ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණි ගතකිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්වී ඇත. ඒ, 2011 වසරේදී සචින් තෙන්ඩුල්කාර් පළමු ස්ථානයට පත්වීමෙන් පසු එම ලැයිස්තුවේ පෙරමුණ ගත් ක්‍රීඩකයා විරාට් කෝලි වීම විශේෂත්වයක්.