14 May 2024

ආණ්ඩුවත් , අමෙරිකාවත් ගෝඨාභයට භයයි

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින්.

ඉදිකිරීම් කඩිනම් කරන්න නිලධාරින්ට ඇමැති කබීර්ගෙන් උපදෙස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කඩිනමින් සිදු කරන ලෙස මහාමර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එහි නිරික්ෂණ චාරිකාවකට එක් වු අවස්ථාවේදීය. 

ගොවින්ට හිඟයක් නැතිව වතුර දෙනවා – ඇමැති මහින්ද

“වැව් දහසක්- ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ අපේ රටේ නටබුන් බවට පත්වෙමින් තිබෙන මහා වැව් පද්ධතිය යළි ප්‍රතිසංවර්ධනය කර අපේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කළ හැකි වන අයුරින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

ඉන්දුනීසියාවේ හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලින් බවයි.

ආණ්ඩුව ගත්තේ ටයිකාරියින්ට හොරකම් කරන්න නෙමෙයි

මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

ආණ්ඩුව මැතිවරණය කල් දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහනුවර පැවති උත්සවයක් අමතමින්.

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

ගල්ෆ් කලාපය තුළ පසුගිය දින කිහිපය තුළදී යුද අභ්‍යාස රැසක් සිදු කළ බව ඉරානයේ විප්ලවීය හමුදා කන්ඩය නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කර සිටියේ සතුරන්ගෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස සිදු කරන බවයි විප්ලවීය හමුදාව සදහන් කොට ඇති බවයි.

සමෘද්ධිය තිබ්බේ වෙනම ආණ්ඩුවක් වගේ – ඇමැති ගයන්ත

පසුගිය කාල වකවානුවේ සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේ දි සිදුවු අක‍්‍රමිකතා හේතුවෙන් ලක්ෂ ගානක් දුප්පත් ජනතාවට අසාධාරණයක් සිදු වු බවත් වෙනම ආණ්ඩුවක් මෙන් තමයි සමෘද්ධිය පාලනය වුනේ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

වහල්භාවය නැති කළ යුතුයි – ඇමැති රාජිත 

අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම් බවත් අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක් බවත් අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ (04) මහරගම තරුණ සේවා සභාව පරිශ්‍රයේදී පැවැත්වුණා . ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් .