17 May 2024

රාජපක්ෂලා තුන්දෙනාට ජනාධිපති වෙන්න බෑ

මේ වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන නමුත් බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන තුන් දෙනාටම නීතියට අනුව ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්

විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම් ​බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. මේ වනවිට අප රටේ රටකජු බෝගය වගා කරන නමුත් එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයට නොසෑහෙන බැවින් වාර්ෂිකව විදේශ රටවලින් රටකජු විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කරයි.

කැම්පස් යන්න බැරි අය වෘත්තිකයින් කරන්න මංගල සුදානම්

වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ 25000ක් පමණ ශිෂ්‍යයන් පිරිසක් බවත් අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් පමණ තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වීසා නැති අයට පොදු සමාවක්

නියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සදහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රිෂාඩ්ට සම්මානයක්

2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ, ක්වාලාලම්පූර් නුවරදි අතිඋත්කර්ශවත් අනුදමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළෙදාම සංවර්ධනය පිළිබද ගෝලීය නායකත්ව 2018 සම්මානය පිරිනමනු ලැබීය.

මහා සූපවංශය – එළිදක්වයි

දෙස් විදෙස් සුපතළ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචිත “මහා සූපවංශය” කෘතියේ ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කොළඹ දී සිදු විය.

මම දෝංකාරය යි ලබන 01 වෙනිදා

අශෝක හඳගම ගේ පද මාලාවකට චිත්‍රාල් සෝමපාල තනුව සහ සංගීතය නිර්මාණය කල ඉන්දිකා උපමාලි ගායනා කරන මම දෝංකාරයයි ගීතයේ සංගීත වීඩියෝව හඳුන්වා දීම ලබන අගෝස්තු 01 වෙනි බදාදා සවස 4:00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී සිදු කිරීමට නියමිතයි.

වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අසාධාරණ බවත්, ඔවුන්ට එය අදාළ නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.

මම ගත්තේ බලපෑම් වලක්වන්න

තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත විරුද්ධ වන්නේ දුරාචාර වැඩවලට කැමැත්ත ඇති පිරිස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පවසයි.