17 May 2024

රාජපක්ෂ යුගයේදී අපරාධ 55,000 ක් වෙලා

2013 වසරේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ණය පොලියට නව නීති

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එන බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමිනි. 

ජනාධිපතිවරණය කල් දැමීමේ වැඩපිළිවෙලක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණය ද නොපැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

යහපාලනය අවුල් වෙලා

යහපාලන ආණ්ඩුව මේ වන විට අවුල් වී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් දේශපාලනය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්ම ඇති පිරිස් යළි එක් කරගෙන ඉදිරියට ගමන් කළ යුතු බවයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වෙනස් කරන්නේ නෑ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.  සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජලය වැඩි තැනින් අඩු තැනට  

  ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එළියට අවොත් ආණ්ඩුව ඉවරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට එන්න තීන්දු කළහොත් මේ ආණ්ඩුව අවසන් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.  ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඊලඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – ගැටළුවවලට ඇමතුම් මධ්‍යස්ථානයක්

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

SB – දයාසිරි යළි මෛත්‍රි ළඟට

එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා යළි ආණ්ඩුවට එක්වීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.