ඊලඟ ජනපති අපේක්ෂකයා දිනේෂ් නම්
රාජපක්ෂ පවුලේ අය එක්ක රටේ අනාගතය තීන්දු නොකර ඊළඟ පාර අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කිව්වා නම්, අන්න අපිත් පොඩ්ඩක් හැරිලා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
රාජපක්ෂ පවුලේ අය එක්ක රටේ අනාගතය තීන්දු නොකර ඊළඟ පාර අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කිව්වා නම්, අන්න අපිත් පොඩ්ඩක් හැරිලා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් කෙරිණි.
දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.
2013 වසරේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එන බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමිනි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණය ද නොපැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
යහපාලන ආණ්ඩුව මේ වන විට අවුල් වී ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් දේශපාලනය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්ම ඇති පිරිස් යළි එක් කරගෙන ඉදිරියට ගමන් කළ යුතු බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජලය වැඩි සහ අඩු යන කාරණා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල දියත් කිරීමට සැලසුම් කරන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට එන්න තීන්දු කළහොත් මේ ආණ්ඩුව අවසන් බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඊලඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.