18 May 2024

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා – ගැටළුවවලට ඇමතුම් මධ්‍යස්ථානයක්

මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

SB – දයාසිරි යළි මෛත්‍රි ළඟට

එස්.බී දිසානායක හා දයාසිරි ජයසේකර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා යළි ආණ්ඩුවට එක්වීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

ගෝඨාභය ඇතුළු 07 කට සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංගයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇ.ත්තේ මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.

පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම එළි දක්වයි

රජයට ඉහළ අපනයනයක් ළඟා කර ගැනීම, ප්‍රාදේශීය සහයෝගිතාව වර්ධනය සහ රැකියා නිර්මාණය කිරීම යන අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම ඊයේ (19) අරලියගහ මැදුරේ දී එළි දැක්විය.

STF එක පිස්සන් කොටුවක් – ෆීල්ඩ් මාෂල් සරත්

අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇති බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින්.

ජනතාව ගොනාට ඇන්දවීම පිළිකුළෙන් හෙළා දකිනවා

රට විජාතිකයන්ට පවා දීමෙන් නොනැවතී රාජපක්ෂ ආණ්ඩුව රටේ බුද්ධි අංශ සහ බුද්ධි තොරතුරු පවා විජාතිකයන්ට පවා දුන්න බව අද හෙළි වී අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගාල්ල ක්‍රීඩාංගණය නැති කරන්න දෙන්නේ නෑ

ලෝක උරුමයද ආරක්ෂා කරගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම ක්‍රීඩා අමාත්‍යරවයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

කොලේ වහලා ගහන්නේ නෑ

යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එය හවුල් ව්‍යාපාරයක් පමණක් බව එහි අදාළ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ

මහින්ද මහත්තයා තාමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් එදා අපි රාජපක්ෂ කෙනෙක් එපා කියලා කිව්වේ පුද්ගලික තරහකට, වෛරයකට නොවන බවත් රට පවුලකට දෙන්න පුලුවන්කමක් නොමැතිකම නිසාාවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.