17 May 2024

මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන

මත්තල ගුවන්තොටුපල සදහා ආයෝජන ගිවිසුම් සකස් කිරීමේ දී ජාතික අභිලාශයන් පෙරදැරිව, විනිවිද භාවයකින් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ ද, රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

රනිල් වැව් විකුණන බව ජානිපෙ කියයි

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ඇතුළු ජාතික සම්පත් විකුණා දමන අතරේ මෙරට කෘෂිකර්මාන්තය හා වාපී ශිෂ්ටාචාරය වනසා දමමින් පැරණි රජවරු තැනූ වැව් සියල්ල ද වෙන්දේසි කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග අපනයනය වැඩි කිරීම සඳහා අපනයනකරුවන්ට උපරිම සහන ලබා දීමට රජය කටයුතු කරන බව අපනයනකරුවන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුට්ටිය දාලා බලන්න ඕන

ෆැසිස්ට්වාදය කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා මුට්ටියදාලා බලන කාලයක බව ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.  ආචාර්යවරිය මේ බව පැවසුවේ පසුගියදා ජාතික විද්වත් කතිකාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින්.

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

වත්මන් ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර ඇති බවත් ඉතිරි කාලය තුළදී පොරොන්දු වු ඉදිරි කටයුතු සිදු කිරිමට බල කර යුුතු බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ලස්සනයි ලොකුයි

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සනයි, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැති බවත් එම පක්ෂය හදනකොටම තමා පැවසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමතමින්.

2‍015 ලැබුණු චෙක් ගැන හොයනවා

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලිස්ට් එකේ මුළින්ම ඉන්නේ කාන්තාවක්

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වී සිටින අයගේ ලැයිස්තුව බැලු විට කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව හෝ නැතිව 2020 දී නැවත වතාවක් ජනාධිපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වාඩි කරවන්නට කටයුතු කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.