17 May 2024

ලිස්ට් එකේ මුළින්ම ඉන්නේ කාන්තාවක්

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වී සිටින අයගේ ලැයිස්තුව බැලු විට කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව හෝ නැතිව 2020 දී නැවත වතාවක් ජනාධිපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වාඩි කරවන්නට කටයුතු කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එළිය සසංවිධානය විසින් හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

2025 දී කාර්මික විප්ලවිය වෙනසක්

2025 වන විට අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම භායානක පාවාදීමක්

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇති බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනතාවාදි පාලනයක් ගොඩනගනවා

ඉදිරියේදි ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත්කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ජාතික කතිකාව අමතමින්.

අත තියන්නේ නැතිව නවත්වන්න බෑ

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට අත නොතබා රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) දින සහභාගී වෙමින්.

සෑම කෙනෙකුටම නිවසක්

රජයේ ඉලක්කය සෑම පුරවැසියෙක්ටම ඉඩමක්,නිවසක්,ආදායමක් ලැබෙන පරිසරයක් සැකසීම බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ගැටළුව විශාල කාලයක සිට පැවතියද පසුගිය කාලයේ සිදු වූ බව අමාත්‍යවරයා පැවසිය. 

මහින්ද වෙනස් වෙලා නෑ

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වන්නේ ඔහු තුල ඇත්තේ පවුල් පාලනය නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්.

කල්පිටියේ කෘෂිකාර්මික කලාපයක්

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් පරිදි කල්පිටිය, තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය 12 වනදා තලවිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.