20 May 2024

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ”තොරතුරු සතිය” ප්‍රකාශයට පත් කර ඇති අතර හෙට සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය පවසයි. 

ඇමැති රාජිත 22 ක ජිනිවා යයි 

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද (20) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතියය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් – එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ අද පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව අද පැවති තරගයේදී වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

පසුගියදා රුපියල් පහකින් ඉහල දමන ලද පාන් ගෙඩියක මිල ,විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවැති සුබවාදී සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පහත හෙලීමට තම සංගමය තීරණය කල බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ජනපති දුවට ITN දොර වැසේ 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රුපවාහිනි ආයතනයට පැමිණිමේදී එහි පාලනාධිකාරිය විසින් විරෝධය පල කර ඇති බව වාර්තා වේ.

නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාවල පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාශය නිර්දේශ කර තිබේ.

OPPO F9 Lucky Draw අබාන්ස් එක්ක පාරිභෝගිකයින්ට තෑගිි දෙයි 

OPPO F9 දුරකථන අබාන්ස් වෙතින් මිලදීගන්නා පාරිභෝගිකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමේ අරමුණින්, OPPO සහ Abans එක්වී ක‍්‍රියාත්මක කරන .’OPPO F9 Lucky Draw’ වැඩසටහන පසුගියදා නිල වශයෙන් ආරම්භ කර ඇත. 

ටීම් එකට දෙහි කපන්න ඇමැති ෆයිසර් එන්න කියයි 

ආසියානු කුසලානයේ මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණී වහාම ක්‍රිඩා අමාත්‍යංශය වෙත වාර්තා කරන ලෙස දන්වා ඇත. 

විද්‍යාත්මකව සිදුකරන දේවලට බාධා කරන්න එපා – ඇමැති පාඨලිගෙන් ඉල්ලීමක් 

පුත්තලම, ආරුවක්කාරුව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය නිසි ක්‍රමවේද හරහා විද්‍යාත්මක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.