19 May 2024

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වේ

2019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් සම්මත විය. ඒ, පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතවය. එහිදී අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 119 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 74 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි perpetual treasuries සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න – ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රිඩාව සඳහා විදේශ මුදල් විශාල ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර එම මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට පරවා ගන්නා ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා – අගමැති

ලොව අනෙකුත් රටවල් මෙන් දියුණුවී ඉදිරියට යාමට නම් 4 වන කර්මාන්ත විප්ලවය ඇරඹිය යුතු බවත්, ඊට වුවමනා විශේෂඥ දැනුම ලබාදී එය ජය ගැනීමට හැකි වන පරිදි මෙරට විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි අංශ දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

දිවයිනට ඉහළින් සූර්යයා මුදුන් වීම අද 12.12 සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම තත්ත්වය ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරනු ඇති බවයි.

අයවැය ඡන්ද විමසීම අදයි… වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?

2019 වසර සඳහා වු අයවැය යෝජනාව පසුගිය මාර්තු මස 05 වන දින මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළේය. අයවැය දෙවන වර කියවීමේ සඳහා අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් ලැබේ. ඒ අනුව ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති කිසිවිටකත් දුර්වල කර නෑ – ජනපති

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් දුර්වල කර නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

හානිපුර්ණ කාර්යාල සාමාජිකයින් කථානායක හමුවෙයි

ශීෂ්ටසම්පන්න සමාජයක් ලෙස ජනතාවට ආත්ම ගරුත්වය හා සුරක්ෂිතභාවය සහිත ජිවිතයක් ලබාදීම වෙනුවෙන් වග වීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හානිපුර්ණ සඳහා වූ කාර්යාලයට හැකිවනු ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතාත් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මහත්මියත් එම ගිවිසුමට අත්සන් තබා ඇත.

දැනුම් හා තාක්ෂණ අධ්‍යාපනය ඉදිරියට….. අගමැති කියයි !

දැනුම හා තාක්ෂණය තිබෙන රටවල් ලොව ඉදිරියෙන්ම සිටින බවත් දකුණු ආසියාවේ නවීනතම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) වෙනිදා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ පැවති ජනහමුවක දීය.