20 May 2024

ශ්‍රී ලංකාවට රබර් සංවර්ධන කලාපයක් සහ රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක්

රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අද (03) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය නවින් දිසානායක මහතා සමඟ මෙරටට පැමිණී චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් සාකච්ඡාවක් පැවැත්විය.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (National Construction Association of Sri Lanka – NCASL) නව සභාපති ලෙස සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු සුසන්ත ලියනාරච්චි මහතා එහි සභාපති ධූරයට නිතරඟයෙන් පත්ව ඇත.

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවීම වැලැක්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාර

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කර මුහුණු පොතෙහි පල කර කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් රක්ෂිත බන්ධගාර ගත කිරීමට සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

අතට කැපෙන්නේ නැත්නම් බලන්නේ නෑනේ – අපේ බුවා (03)

මහත්තයා පොතක් බලන්නේම අතට ගානක් කැපෙනවානම් විතරයි නේද? අපේ බුවා 3 වන කොටස දැන් Youtube TTVnews.lk ඔස්සේ නැරඹිය හැකිය. TTVnews.lk වෙබ් අඩවිය මගීන් නිර්මාණය කර ඇති හාස්‍යය ජනක වැඩසටහනක් අපේ බුවා මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න.

එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් කල උදව්වක් ගැන විපක්ෂනායක කියයි

අමාත්‍ය වජිරගේ හා අමාත්‍ය පාඨලිගේ අමාත්‍යංශයවල වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(02) විපක්ෂ නායක කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවක් අතරතුරයි.

පිළිකා ඖෂධ මාෆියාව අවසන් කරන්න පුළුවන් වු බව ඇමති රාජිත කියයි

රුසියාවේ නිෂ්පාදිත පියයුරු පිළිකා එන්නතට විරුද්ධ වෛද්‍යවරුන් 04 ක් බවත් මෙතෙක් අතුරු ආබාධ වර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පැමිණි දෙදෙනා CID භාරයට

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින නියම කිරීම ඉදිරියේදී … ! ජනපති

මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරික්ෂණය යටතේ අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි.

Lanka Diagnostics සහ Greenthru Safety Mediacare නිෂ්පාදනාගාරවලට ඉදිකිරීම ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන්

ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන සහ 10 ඖෂධ සහ රසායනාගාර සදහා සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේදී සිදු කෙරිණි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රු. මි. 79ක් වටිනා ණය 46,673ක් නිකුත් කර අවසන්

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.6ක් වටිනා ණය ලබා දී තිබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.