16 May 2024

මල් වෙඩිල්ලක් දැල්වීමට යාමෙන් 14 හැවිරිදි ළමයෙකු මිය යයි

කටාන, ඇටඹගහවත්ත ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ වාර්ශික කඨින පෙරහැර ගමන් ගන්නා මාර්ගයේදී මල් වෙඩිල්ලක් දැල්වීමට ගොස් ළමයෙකු අනතුරට ලක්ව තිබේ. අද (02) පස්වරු 02 කට පමණ මෙම අනතුර සිදුවු බව පොලිසිය පවසයි. අනතුරට පත් වු ළමයා වයස අවුරුදු 14 ක් වු ඇටඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

නුගේගොඩ පාලම අලුත්වැඩියා කිරීමක් – විකල්ප මාර්ග භාවිත කරන්න

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දී තිබේ. නුගේගොඩ ගුවන් පාලම වසා දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ, ඊයේ රාත්‍රියේ ආරම්භ කළ එම අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

MCC ගිවිසුමෙන් රටට හානියක් නම් හෙළි කරන්න – මංගල, මහින්දට අභියෝග කරයි

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරනවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකරහුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි – ඩිලාන් පෙරේරා කියයි

සජිත් ප්‍රේමදාස මහතාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බවත් ඔහු කොපි කරන එක සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලිය යුතු මැතිවරණයක් බවත් රටේ ජනතාවගේ දිළිඳුකමට විසඳුමක් ලබාදිය යුතුව තිබෙන අතර මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යය බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

TNA සහාය සජිත්ටයි…….!

ජනාධිපතිවරණයත් සමඟ රටේ දේශපාලන පක්ෂවල සහාය ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ට බෙදි යන බව පසුගිය දිනවලදී දකින්නට හැකිවුණා. පොදු ජන පෙරමුණ නියෝජනය කර තරඟ වදින ගෝඨාභය රාජපක්ෂ සමඟ පසුගිය 31 වනදා දින පක්ෂ 17 ක් සන්ධාන ගත විම සිදු විය.

පාසල් 665කට ලැප්ටොප් පරිගණක 15,445ක් දෙන්න කැබිනට් අනුමැතිය

පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙන බව […]

මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02 ක් අද සිට යොදා ගැනේ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පලමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරික්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02 ක් අද (01) සිට යොදා ගනු ලබයි.

මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම සඳහා පොලිසියට නව රොබෝ යන්ත්‍ර 02 ක් අද සිට යොදා ගැනේ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පලමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරික්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 02 ක් අද (01) සිට යොදා ගනු ලබයි.

දුම්රිය පවුලේ අලුත්ම සඟයා දෙනුවර මැණිකේ බදුල්ලට ධාවනය ආරම්භ කරයි

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) දුම්රිය කොළඹ කොටුවෙන් උදෑසන 06.45 ට මංගල ගමන සුබ මොහොතින් ආරම්භ වුයේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.