20 May 2024

කපිල චන්ද්‍රසේන හා බිරිඳ 19 වනදා තෙක් රිමාන්ඩ් (Update)

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ආනයනික ටෙලි නාට්‍ය සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කෙරේ

ශ්‍රී ලංකාවට ආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (06) පෙරවරුවේ උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණ.

පින්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගිතා ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන්නටත්, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන්නටත් පින්ලන්ත රජයේ සහයෝගය ලබාදීමට එකඟතාවය පල කර තිබේ.

තිලිණගේ පෙත්සම විභාගයට නොගෙන විසිවේ !

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු  මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් අභියාචනාධිකරණය හමුවේ  ගොනු කර තිබූ  පෙත්සමක් අද (05) විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග නිකුත්විය.

නිදහස් උත්සවයට නාවේ ඇයි ? TNA කරුණු දක්වයි !

ඊයේ (04) පැවති 72 වන නිදහස් දින උත්සවයට තමන් සහභාගී නොවූයේ ජාතික ගීය දෙමල භාෂාවෙන් නොගැයීම නිසා බව දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්සම්බන්ධන් පවසයි.

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් මෙන්න !

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයන්   ලෙස  තෝරා ගත්  ඇමැතිවරුන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  නම් ප්‍රකාශයට පත් කිරීම අද  ( 05)  පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.

නව සන්ධානයේ මහලේකම් රංජිත් ද? නවින් ද? තීරණය හෙට..!

අලුතින් බිහි කරන පුළුල් සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම අද (05) පෙරවරුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව ස්ථීර කර තිබේ.

හේමසිරිටත් පුජිතටත් ඇප ලැබෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

යහ පාලනයටත් වඩා වැඩි නිදහසක් අද තිබෙන බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

72 වැනි නිදහස් දිනය සමරණ අද දවසේ යහ පාලනයට වඩා වැඩි නිදහසක් හැම අයුරකින්ම මේ රටේ ජනතාව අත් විදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්තික් පාර්ලිමේන්තු මන්ති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.