20 May 2024

සම නායක කෙනෙක් නෑ – එකම නායක මහින්ද : නිල මතය GL කියයි !

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර පොදුජන පෙරමුණ ගොඩනගන සන්ධානයේ සම නායකත්වයක් නොමැති බව පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් පවසයි.

දේශපාලන අතගැසීම් නතර කරමින් ජනතාවට සෑබෑ නිදහස ලබා දෙනවා – ජනපති

ජනතාවට සෑබෑ නිදහස ඇත්තේ නිතිය නිවැරදිව ක්‍රියාත්මක වීම තුළින් බවත් ඒ අනුව නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට තමාගේ රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසුවේ 72 වන ජාතික නිදහස් උලෙල අමතමින්.

අභිමානවත් 72 වන ජාතික නිදහස් දිනය අදයි

වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

විල්ගමුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කිරිම පිටුපස දේශපාලන බලපෑම් නෑ – ලේකම් ගාමිණි කියයි

විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හදිසියේ නුවරඑළිය අධ්‍යාපන කලාපය වෙත ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර ඇති කරුණු නිවැරදි නොවන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකන් හිටපු විධායක ට හා බිරිය ට වරෙන්තුවක්…

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබේ.

නිදහස් පක්ෂය තවම පොහොට්ටුවට එක් වුණේ නෑ – බැසිල් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එකතු වීමක් මෙතෙක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ලංකාවේ හැසිරීම චීන තානාපතිගේ කණස්සල්ලට !

ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

නිදහස් දිනයට සියල්ල සුදානම් – සියළු සුරා සැල් වසා තබන්න – රජය නිවේදනය කරයි

2020 පෙබරවාරි මස 04 වනදා අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උලෙල මෙවර නිදහස් චතුරස්‍රයේදී අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව රජය පවසයි.

ජනපති ගෝඨා දේශපාලන සංස්කෘතිය අලුත් වෙනස් ඇති කරන බව ඇමැති නිමල් කියයි 

දේශපාලන සංස්කෘතියේ අලුත් වෙනසක් ඇති කර නව මාවතකට රට ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවත් එතුමාගේ දර්ශනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණේ අයට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ආකර්ශනය කර ගන්නා වැඩ පිළිවෙළක් බවට පත්ව ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.