20 May 2024

සයින්දමරදු නගර සභාව තාවකාලිකව අත්හිටුවයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී ඇත.

තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීමට ඇමති විමල් මුල් වෙයි

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග‍්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක‍්‍රීම් ජනගත කිරීම අද (20) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධානත්වයෙන් සිදු විය.

ජනාධිපති නියමයෙන් තවත් බදු සහනයක් !

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ලිංගික අපයෝජන චෝදනා ඇති ව්‍යාපාරිකයා නිදැල්ලේ – කාන්තා ව්‍යාපාර විරෝධයේ

ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ ව්‍යාපාරිකයකු සම්බන්ධ පොලිසියට පැමිණිලි කළද කිසිදු පියවරක් ගෙන නැත.

හමුදාපතිට තියන චෝදනා දන්නේ නෑ – අගමැති මහින්ද නිවේදනය කරයි !

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් නොදන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් … දිළිඳුබව තුරන් කරන බව ජනපති පවසයි

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක් වෙන් කරයි

මීගමුව ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රමුඛ පෙලේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 2078 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීත්‍යානුකූල නොවන තීරණයක් මත පවුල් 400 ක් මහ මගට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාගත් නීත්‍යානූකූල නොවන තීරණයක් හේතුවෙන් පවුල් 400 ක් මහමගට වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

සමස්ථ ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

2019 නොවැම්බර් මස 28 වන දින කොළඹ බණ්ඩාරනායක අනුශ්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමස්ථ ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ එම්.එම්.ජී.කේ.එස්.වී. ජයවර්ධන සිසුවා සමත් වී ඇත.

ශ්‍රී ලංගම වෘත්තීය සමිති ආණ්ඩුවට රතු එළි දල්වයි !

ශ‍්‍රී ලංගම  සේවකයන් නැවත වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව රු. 2500/= අන්තර් දීමනා මුදල ලබාදීමට සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත.