20 May 2024

වාරය ගැටළුව ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඔබේ අස්වැන්නට ඉහළ මිලක් – ජනපති රජ රට ගොවීන්ට කියයි

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බැඳුම්කරය ගැන අහන්න CID ය රනිල්ගේ ගෙදරට

අද  (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

වරාය වැඩවර්ජනය අවසන්

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී ඇති අතර ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ වරාය වෘත්තීය සමිති  අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

ජන්ද ලකුණු – මනාප අංක සහිත මුහුණු ආවරණ පළඳින්න එපා – පොලිසිය

දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්  ප්‍රවර්ධනය සඳහා මැතිවරණ ලකුණ, අංකය, අපේක්ෂක නම ආදිය මුද්‍රණය කර ඇති මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

ග්‍රාමීය ආර්ථිකය නංවන්න ජනාධිපතිගේ යෝජනාව මෙන්න

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

නාමල්ගේ සහයත් පොහොට්ටුවට

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමණ්ත්‍රණයක් ගැන හඬපට ඇතැයි  කියූ නාමල් කුමාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාව සමග එක්වී තිබේ.

2011 ලෝක කුසලාන ප්‍රශ්නය : අද සංගා හෙට මහේල

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට වන චෝදනාව මත  සිදුවන පරීක්ෂණය සඳහා හෙට (03) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන කැඳවා ඇති බව වාර්තා වෙයි.