17 May 2024

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමට – රජය

හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය පවසයි.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව බෙදා හැරීමට සැලැස්මක්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග සහ ශල්‍ය උපකරණ ඉදිරියේදී හිඟයකින් තොරව සැපයීමට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

පාර්ලිමේන්තු අසල සිටි විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩල සිසු විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය පලඳවයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි

මුලතිව් මාන්චෝලෙයි ප්‍රදේශයේ සහ වව්නියා පාවට්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම සෞඛ්‍ය බලධාරින්, රෝහල් කාර්‍යය මණ්ඩලය කල ඉල්ලීම මත ඒ ඒ ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය නව ගොඩනැගිලි 2 ක් ඉදි කිරීම් ආරම්භ කිරීමට ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා විසින් පසුගියදා මුල් ගල තබන ලදී.

විපක්ෂය ආණ්ඩුව භාරගන්නවානම් ඇමැතිකම අතහරින්න සුදානම් – ඇමැති ප්‍රසන්න

විපක්ෂයට ආණ්ඩුව භාර ගන්න කැමැතියි නම් ඇමැතිධූර අත් හැරීමට ඕනෑම වෙලාවක සූදානම් යැයි සංචාරක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආගමත් පාවා දුන් ද්‍රෝහියෙක් අසූ හත් හැවිරිදි මගේ මවටත් අපහාස කරනවා – විපක්ෂ නායක සජිත්

ඊයෙත් අදත් දින දෙක පුරා මේ සභාවත් රටත් නොමඟ යවමින් අසූ හත් හැවිරිදි තම මවට මඩ ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.