16 May 2024

කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණින් සඵල ගමක් නම් වූ සුවිශේෂී ව්‍යාපෘති වැඩසටහන මේ වන විට එම කලාපයේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

මාතලේ නියෝජ්‍ය නගරාධිපති නොමිලයේ පොහොර බෙදයි

ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ගෙවතු මට්ටමින් වගා කටයුතු සිදු කරන මාතලේ මහ නගර සභා සිමාවේ ජනතාවට පොහොර සහ බිජ ලබා දිමේ වැඩපිළීවෙලක් සකස් කර ඇති බව මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා පවසයි.

කොවිඩ් අරමුදලේ රුපියල් බිලියන 1.8ක් අත්‍යාවශ්‍ය ඖෂධ – ජනපති

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරනවා – අගමැති

ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ක්‍රීඩාවට උදව් කරන ලෝක ධනවතුන්ගේ ආකර්ෂණය කරගත හැකි ක්‍රමවේදයන් සකස් කළ යුතුයි -අමාත්‍ය රොෂාන්

ලෝකයේ ධනවතුන් ක්‍රිඩාවට බොහෝ සෙයින් ඇලුම් කරන අතර ඔවුන් ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා බවත් එවැනි ධනවතුන්ගේ ආකර්ෂණය අප රටේ ක්‍රීඩාව වෙත ද යොමු කරවා අපේ ක්‍රීඩාව ද වැඩි දියුණු කිරීමට හැකි යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

චීන තානාපති ජවිපේ නායකයා හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර ඊයේ (02)දින පස්වරුවේ හමුවක් සිදුවිය.

වැසි අඩුවී ඇතත් ආපදා සහන සේවා සූදානම දිගටම – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසිතත්වය පසුගිය දින කිහිපය හා සැසඳීමේදී අඩුවී ඇතත් ජනතාවට සහන සේවා සැලසීම සඳහා වන සූදානම නොවෙනස්ව පවත්වා ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික), සුදන්ත රණසිංහ මහතා පවසයි.

නව යුද්ධ හමුදාධිපති, ජනාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඊයේ (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

රටේ සංචිත ඉහළ නැංවීම සඳහා සඳහා ඇ.ඩො බිලියන 1 ඉලක්කයක් – අග්‍රාමාත්‍ය

රජය මේ වසරේ ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ඉලක්ක කරන අතර රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක් ඉලක්ක කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.