20 May 2024

අලියාන්ස් ලංකා සමාගම LMD හි වටිනාම පාරිභෝගික සන්නාම අතරට එක්වෙයි

මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් වී ඇත.

ආර්ථික අර්බුදයෙන් මිදීමට ණය නොවන විදේශ විනිමය රට තුළට ගෙන ආ යුතුයි – ඇමැති මනුෂ

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බවත්, එම නිසා නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

දේශපාලන සහ ආර්ථික තත්ත්වය විසඳුමට තරුණ වෘත්තීයවේදීන්ගෙන් යෝජනාවලියක් ජනපතිට භාර දෙයි

ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වූ වෘත්තීයවේදීන්ගේ එකමුතුව, අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් සහ තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය විසඳුමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙයි.

අංගම් සටන් ශිල්පය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරනවා – අමාත්‍ය රොෂාන්

දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මාතලේ වගා දිනයක් ප්‍රකාශයට පත් කරනවා – ආණ්ඩුකාර ලලිත්

මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කරන කෘෂි නවෝදය වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරමින්, ආහාර සුලභ කිරීම සදහා මධ්‍යම පළාතේ පළාත් වගා දිනයක් ප්‍රකාශයට පත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

සජිත් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයෙක් – එජාප මහලේකම් පාලිත

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

මාතලේ සභාපති ජංගම සේවය පලාපත්වලදී

මාතලේ ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන “සභාපති ජංගම සේවා “වැඩසටහන ඉකුත්දා පලාපත්වල උඩුගම වසම ආවරණය වන පරිදි උඩුගම ශ්‍රී කුලතුංගාරාමයේදි පැවත්විණි.