20 May 2024

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බල නොපාන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලපෑමක් නොවන පරිදි රාජ්‍ය සේවයේ නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හැකි බව 14/2022 චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්ති සහගත හෝ සාධාරණ අයිතියක් නැහැ – ජවිපෙ අනුර

වත්මන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට මේ රට පාලනය කිරීමට කිසිසේත්ම යුක්තිසහගත හෝ සාධාරණ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

INSEE සිමෙන්ති මෙරට රක්තහීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

DFCC බැංකුව සහ Mastercard එක්ව ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසා දෙයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ.

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙති.

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් අද (22) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමීව සිය වගා භුමි ආශ්‍රිතව මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් 100,000ක් සිටුවීමේ Together with Mee ජාතික පාරිසරික තිරසාරභාවය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් දියත් කළේය.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද (22) පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ධුරයේ දිවුරුම් දුන්නේ ය.

පුද්ගලික අංශයේ අවම වැටුපද වතු කම්කරු වැටුප ද ඉහළ දමනවා – ඇමැති මනුෂ

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල බෙහෙත් හිඟයක් නෑ – අමාත්‍ය කෙහෙළිය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බෙහෙත් හිඟයක් පවතින බවට විවිධ මත පල වුවද එවැනි පාලනය කළ නොහැකි බෙහෙත් හිඟයක් නොමැති බව සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා පවසයි.