20 May 2024

ජනතාවට බොරු පොරොන්දු දීම අනුමත කරන්න බෑ – මන්ත්‍රී නාලක

රටේ ආර්ථික ප්‍රශ්නය විසදනාට කැමැති වුවත් ජනතාවට බොරු පොරොන්දු ලබා දීම අනුමත කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි – ජනපති

ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

IMF එක අනුමත වනවාත් එක්කම ඩොලරයේ අගය බැහැලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

මෙම මාසය තුළ රටට IMF සහනය ලබාදෙන විට ඩොලර්වල වටිනාකම අඩුවන බවත් අද වන විට රට ඉහළට පැමිණ ඇති අවස්ථාවක මෙම තත්වය වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් සහ යුතුකමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රත්නප්‍රියගේ රාජකාරිය රටට හෙලි කල යුතුයි – රවි කුමුදේශ්

වෘත්තීය සමිති මර්ධනයට හා කුමන්ත්‍රණ සඳහා කාර්‍යාලයක් ඊට අදාළ ජනරාල්ට පවරලා තියන රාජකාරිය රටට හෙලිදරව් විය යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඉදිකිරීමට චීනය සමග ගිවිසුමක්

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

උද්ඝෝෂණ කරලා වැඩ කඩාකප්පල් කලොත් ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව ජනපති කියයි

සාමකාමීව රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවන නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් රට ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිදහස් පක්ෂයේ මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට යළි එන්නැයි දුමින්ද කියයි

රට නිවැරදි තැනට ගෙන ඒම වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට නැවත මහගෙදරට පැමිණ රටේ අනාගතය භාර ගන්නා ලෙස ආරාධනා කර සිටින බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත කරලා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.