18 May 2024

IMF ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අනුරාධපුර ජයන්ති විහාරයේ කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාව අටමස්ථානාධිපති හිමියන්ගේ අතින් නිරාවරණය කෙරේ

මැදින් පුන් පොහෝ දිනය යෙදී ඇති අද දිනයේ පොහෝ දිනයට සමගාමීව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධ මන්දිරය විවෘත කිරීම හා චීනයේ පරිත්‍යාගයක් ලෙස ලද අලංකාරවත් ට්‍රොන් දෙකක් බරැති බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ගේ සුරතින් සිදුවිය.

මැතිවරණය පවත්වන්න කඩිනමින් දිනයක් දෙන්න – ටිල්වින් සිල්වා

දැන් මැතිවරණයට නීතිමය බාධා හෝ මූල්‍යමය බාධා නොමැති බවත් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ඉක්මන් දිනයක් ලබාදිය යුතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් – විපක්ෂනායක සජිත්

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඡන්දයක් ඉක්මනින් පවත්වයි කියලා විශ්වාසයි – මන්ත්‍රී දුමින්ද

අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියලා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම්කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඡන්දයට මුදල් නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම – ජනපති

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

INSEE Cement සිය නවතම තිරසාරත්ව වාර්තාව එළිදක්වයි

INSEE Cement Sri Lanka සමාගමේ 2020/2021 තිරසාරත්ව වාර්තාව පසුගියදා එළිදක්වන ලදි. මෙය එම සමාගම සිය ආර්ථික, පාරිසරික හා සමාජයීය වගකීම් සපුරාලමින්, 2030 වර්ෂය වනවිට මෙරට තිරසාරත්වය සම්බන්ධ ප්‍රමුඛයෙකු බවට පත්වීම සඳහා දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.