19 May 2024

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා – ජනපති

රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපති රනිල් ගැන කාටුන් පොත හෙට (07) එළිදැක්විමට නියමිතයි

ආර්ථික අර්බූධයකට හසුවූ රට ඉන් මුදා ගැනීම සඳහා 2021 ජූනි මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ දා පටන් 2023 මැයි මාසය දක්වා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයාගේ ගමන් මග පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එකතු කර සම්පාදනය කළ “Press vs Prez” කෘතිය හෙට (07) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ […]

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් -සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් වෙනුවෙන් මිල ගණන් ඇතුළත් යෝජනාව මේ සතියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට ඊයේ (05) තීරණය කල බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ජවිපෙ කටයුතු කරන්නේ ජනාධිපතිගේ උපදෙස් අනුවයි – මන්ත්‍රී හර්ෂණ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව තලාව පොලීසිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් එයි කියලා හිතන්නේ නෑ – බැසිල් රාජපක්ෂ

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වේවි යැයි සිතිය නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙනවා – අමාත්‍ය විදුර

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කර එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පවසයි.

කුහක විප්ලවවාදීන් අධ්‍යාපනය නවීකරණය කරන්න දෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

පාසල් ගිනිතියපු විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය කියන බිය නිසා අධ්‍යාපනයේ නවීකරණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.