18 May 2024

උපාධිධාරින් ජනතාවටත් හිසරදයක්

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ගැටලූව මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකටම හිසරදයක් වුනා වගේම ජනතාවටත් උපාධිධාරීන්ටත් එය හිසරදයක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අනුරාධපුරයට අවුරුදු 5 ක සැලැස්මක්

අනුරාධපුර දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම එළිදැක්වීම අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

ටින් මාලු ප්‍රමිතිය ආශ්‍රිතව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය අදාළ සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අපේ රටේ ප්‍රමිතීන්ට අනුව වඩාත් ගැලපෙන ටින් මාළු ආනයනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කර යොදා ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මරණ දණ්ඩනයට අත්සන් තියනවා

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති පවසයි.

ඉන්දියානු සහයෙන් මැලියම් නිෂ්පාදනය දියුණු කරයි

ඉන්දියානු මැලියම් සහ ඉදිකිරීම් රසායනික සමාගමක් වන පිඩිලයිට් ඉන්ඩස්ට්රීස් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරික ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත.

දුන්නු දෙයක් නෑ

සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය හා නිලධාරීන් ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

C.W.W කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනපති අතින් විවෘත කරයි

ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබෙන ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක්වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (10) පෙරවරුවේ විවෘත කෙරිණි.

ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න විවිධ නායකයින්, විවිධ පක්ෂ උත්සහා කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (08) පෙරවරුවේ පැවති මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්.

චීවරධාරියෙකු සැරයන්වරයෙකුගේ ගෙල සිරකර මරා දමලා

රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය නියුතු සැරයන්වරයෙකුගේ ගෙල සිර කර මරා දමා ඇති බව වාර්තා වේ. මෙලෙස ගෙල සිර කර මරා දමා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පන්සලක චීවරධාරියෙකු සම්බන්ධයෙන් ඇති වරෙන්තුවක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදීය.

2050 දී ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රටක් කරනවා

2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස් කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.