19 May 2024

යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි – ජනපති

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) වෙනුවට ආදේශකයක් ලෙස මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර (SSP) ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාව සඳහා භාවිතයට යොදා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් – ඇමති ප්‍රසන්න

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විනි.

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Uber Springboard: Uber සහ තාක්ෂණික අමාත්‍යංශයේ එකතුවෙන් නවක ව්‍යාපාරිකයින්ට වැඩසටහනක් කොළඹදී

ලොව ප්‍රමුඛතම ගමනාගමන පහසුව ලබා දෙන (Ride hailing) සහ ආහාර හා භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන Uber විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් වෙනුවෙන් ‘Uber Springboard’ නමින් විශේෂ මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වතු කම්කරුවාව මෙවරත් රජය අතරමං කළා -මන්ත්‍රී සුජිත්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපතිවරයා කම්කරු දිනය දා ප්‍රකාශ කළත් එය තවමත් ක්‍රියාත්මක වී නැති බවත් රජය මෙවරත් වතු කම්කරු ජනතාව රවටා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම ජුනි පලමු සතියේදී .. ඒ ගැන මන්ත්‍රීවරුන් පිරිසක් අද සාකච්ඡාවක

පාර්ලිමේන්තුවේ ස්වාධින වු මන්ත්‍රි කණ්ඩායමක් එක්ව ගොඩ නැගු නව සන්ධානයේ හම්බන්තොට රැස්වීම පිලිබඳ අද (14) සාකච්ඡාවක් කොළඹ පැවැත්විණ.

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුවන් කී දෙනෙකු ඉතිරිි වේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.