19 May 2024

මෙරටින් යන සෑම විදේශ සංචාරකයෙකුටම තේ තෑග්ගක් – ඇමැති මහින්ද අමරවීර

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කළේය.

විමල්ගේ “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම 16 වැනිදා

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම්වලට නීතිමය පියවර ගන්නවා – ඇමැති ජිවන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම්, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

සභාපති විජයදාසට බාධා කරන්න එපා – කඩුවෙල දිසා අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා පක්ෂයේ නව සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත සහ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේ මෙහෙයුම්වලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් කඩුවෙල දිසා අධිකරණය වාරණ නියෝගයක් අද (13) ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති හා ඇමැති ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද(13) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු විය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අම්බලන්ගොඩ රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.