17 May 2024

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඇඟයීමක්

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදාගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මුදල් ත්‍යාග සහ සහ සහතික පත් ප්‍රදානය කළේය.

පොහොට්ටුවට මැතිවරණයට ලැස්තියි.. ! මෙහෙයුම් කාර්යාලය වැඩ අදින් පටන් ගනි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් සුදානම් වීම සඳහා ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අද (10) විවෘත කිරීමට නියමිතයි.

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු සහ ජාතික ජනබලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki , දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවිය.

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය කනක

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙරට පුරවැසියන් රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවයි

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

ඡන්ද සටනට සුදානම් බව දිලිත් ජයවීර කියයි

ඕනෑම මැතිවරණයකට ඕනෑම පක්ෂයක් සමඟ කරට කර තරඟ කිරීමට, පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජනපති කියන ආර්ථිකය තුළින් ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂනායක කියයි

ජනාධිපතිවරයාගේ කතාව තුළ ගිණිගත් රටක් බාර ගත් බව, සමහරු අභියෝග බාර නොගන ඉන්න විට ඔහු අභියෝග බාර ගත් බවට පැවසු බවත් ඔහු කෙසේ සඳහන් කළත් අද වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපි හිටියේ ආර්ථික අපායක, දැනට යන ගමන මාරු කළොත් ආපහු වැටෙන්නේ අපායට – ජනපති

අපි හිටියේ ආර්ථික අපායක බවත් දැන් අපි ක්‍රමවත් සැලසුම් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් සිටින නමුත් දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

“උරුමය” ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වනදා පැවැත්විය.