19 May 2024

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට – රාජ්‍ය අමාත්‍ය කනක

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙරට පුරවැසියන් රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවයි

නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

ඡන්ද සටනට සුදානම් බව දිලිත් ජයවීර කියයි

ඕනෑම මැතිවරණයකට ඕනෑම පක්ෂයක් සමඟ කරට කර තරඟ කිරීමට, පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

පසුගිය වසරේ මධ්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජනපති කියන ආර්ථිකය තුළින් ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව විපක්ෂනායක කියයි

ජනාධිපතිවරයාගේ කතාව තුළ ගිණිගත් රටක් බාර ගත් බව, සමහරු අභියෝග බාර නොගන ඉන්න විට ඔහු අභියෝග බාර ගත් බවට පැවසු බවත් ඔහු කෙසේ සඳහන් කළත් අද වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපි හිටියේ ආර්ථික අපායක, දැනට යන ගමන මාරු කළොත් ආපහු වැටෙන්නේ අපායට – ජනපති

අපි හිටියේ ආර්ථික අපායක බවත් දැන් අපි ක්‍රමවත් සැලසුම් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් සිටින නමුත් දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

“උරුමය” ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වනදා පැවැත්විය.

ඇමැති සුසිල් හා කොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපති 

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.